බුද්ධි අංශවල දෙතුන් දෙනෙක් හිරේ දැම්මා කියලා බුද්ධි අංශ වැටෙන්නේ නෑ! එහෙම වැටෙනවා නම් බුද්ධි නිලාධාරීන් මිය යද්දිත් බුද්ධි අංශ වැටෙන්න ඕන! – හමුදාපති

June 26, 2019 at 3:56 pm | by emanisa.lk

රටේ බුද්ධි අංශවලට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් රටේ සමස්ත බුද්ධි අංශ කඩා වැටෙන්නේ යැයි කිව නොහැකි බව හමුදාපති මහේෂ් සේනානානායක පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (26) සාක්ෂි දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ මෙන්ම තවත් බුද්ධි අංශ කිහිපයක් රටේ ඇති බව පෙන්වා දුන් හමුදාපතිවරයා පාස්කු ප්‍රහාරයට පසු ඒවා වඩාත් සමීප ලෙස කටයුතු කරන බවත් ලෝකයේ සෙසු රටවල බුද්ධි අංශ සමග තොරතුරු හුවමාරු කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම සඳහා කටයුතු කරන බවත් හෙළි කළේය.

බුද්ධි අංශයක නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් බුද්ධි අංශ දුර්වල වන්නේ නැති බව අවධාරණය කළ හමුදාපතිවරයා එසේ නම් බුද්ධි අංශ නිලධාරීන් මරණයට පත් වූ විට ද බුද්ධි අංශ දුර්වල විය යුතු යැයි ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස