මහින්ද හරියට අණ දුන්නා! ගෝඨා හරියට පරිපාලනය කළා! අපි හරියට වගකීම කළා! එදා රටේ ආරක්‍ෂාව සුපිරි! – ෆොන්සේකා

July 6, 2019 at 11:22 am | by emanisa.lk

තමුන් හමුදාපතිව සිටි කාලයේ මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

එවකට හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ යුද්ධය ඉදිරියට කරගෙන යාමට තමන් ඇතුළු හමුදාවට අවසර දුන් බවත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ලෙස එහි පරිපාලන කටයුතු නිවැරදිව කළ බවත් තමන් හමුදාපතිවරයා ලෙස තමාට පැවරුනු වගකීම නිසි ලෙස ඉටු කළ බවත් සෙසු හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද නිවැරදිව තම වගකීම ඉටු කළ බවත් ඔහු පැවසීය.

එම රජය යටතේ ආරක්‍ෂක මණ්ඩලය සතිපතා රැස්වූ නමුත් වත්මන් රජය යටතේ එය අවුරුද්දකට වතාවක්වත් රැස් නොවන තත්ත්වයක් දැකිය හැකි බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පටවා ගැලවීමට ජනාධිපතිවරයා උත්සාහ කළ ද එහි වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා අත බවද හෙතෙම කියා සිටියේය.‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස