ඇමති බද්යූදින්ට එරෙහි විශ්වාසභංග චෝදනා පත්‍රය සහ අත්සන් ලැයිස්තුව මෙන්න! ඇමතිගේ හතරවරිගයටම පාස්කු ප්‍රහාරයේ චෝදනා නැඟෙයි! පාර්ලිමේන්තුවේ හෘද සාක්ෂිය විමසා බලන්න සූදානම්!

May 16, 2019 at 1:33 pm | by admin

පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් කර කතානායකවරයා වෙත අද උදෑසන භාර දුන් විශ්වාසභංගයේ චෝදනා 10ක් ඇතුළත් වෙයි. මෙහිදී ඇමතිවරයාට මෙන්ම ඔහුගේ ඥාතීන්ට මිතුරන්ට මෙන්ම දේශපාලන පක්ෂයේ නිලධාරීන් සඳහා ද චෝදනා එල්ල වී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරගැනීමට හමුදාපතිවරයාට බලපෑම් කිරීම, මරාගෙන මැරුණු ඉම්සාක් අහමඩ්ගේ තඹ කම්හලට සම්මත පටිපාටියෙන් බැහැරව හිස් පතුරන් කොපු ලබා දීම, ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන වසං කිරීම ආදී බරපතළ චෝදනා මේ අතර වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස