පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි වාර්තාව මමත් දැක්කේ ෆේස්බුක් එකෙන්! ඒ වුණාට ෆේස්බුක් තහනම අදත් ඉවත් කරන්නේ නෑ! – ජනපති

April 26, 2019 at 3:21 pm | by admin

පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු අඟවා බුද්ධි අංශ නිකුත් කළ ලිපිය තමන් දුටුවේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් බව ජනපතිවරයා පවසයි. අද ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ සිංගප්පූරූවේ සිටි තමන්ට සිය මිතුරෙක් එම ලිපිය පෙන්වූ බවත් ජනපති පවසයි. සිංහල අලුත් අවුරුද්දට තමන්ට බුලත් දීමට ද ආරක්ෂක ලේකම් සහ පොලිස්පති පැමිණි නමුත් එම අවස්තාවේ හෝ එම ලිපිය තමන්ට ඔවුන් නොපෙන්වූ බව හෙතෙම කියයි.

කෙසේ වුවද ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් වැනි සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරය තව දුරටත් වලංගු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කෙටි පණිවිඩ මගින් ඊයේ වැරදි ප‍්‍රචාර පතුරුවා හැරීමක් හේතුවෙන් තහනම දීර්ඝ කළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස