රිෂාඩ් ත්‍රස්තවාදියෙක් නිදහස් කරගන්න හමුදාපතිතුමාට බලපෑම් කළේ නෑ! එතුමා ඉල්ලීමක් විතරයි කළේ! – ඇමති පී. හැරිසන්

May 25, 2019 at 3:00 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියකු නිදහස් කර ගැනීමට හමුදාපතිතුමාට බලපෑම් කළ බවට විශ්වාසභංගය ඔස්සේ විශාල චෝදනාවක් එල්ල වන බව අමාත්‍ය පී. හැරිසන් පවසයි.

කෙසේ වුවද ඇමති රිෂාඩ් බදියුදීන් එවැනි බලපෑමක් නොකළ බවත් සිදු කළේ ඉල්ලීමක් පමණක් බවත් යුද හමුදාපතිවරයා පැහැදිලිවම සඳහන් කර ඇතැයි අමාත්‍ය පී. හැරිසන් මහතා පෙන්වා දෙයි.

එසේම ඇමතිවරයාගේ සහෝදරයන් සහ ඔහුගේ නිලධාරීන් පිළිබඳ එල්ල වන චෝදනා පිළිබඳ තේරීම් කාරක සභාවේ දී සාකච්ඡා කළ හැකි බව ඇමතිවරයා පවසයි. කෙසේ වුවද මෙය රිෂාඩ් බදියුදීන් නිවැරදිකරු කිරීමට සහ විශ්වාසභංගය යටපත් කිරීමට පත් කළ තේරීම් කමිටුවක් බව පවසන විපක්ෂය ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස