අත්අඩංගුවට ගන්න නියෝග කළ හේමසිරි පූජිත ලෙඩවෙයි! හේමසිරි දැඩි සත්කාරේ! පූජිත පොලිස් රෝහලේ!

July 2, 2019 at 11:05 am | by emanisa.lk

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන ඒ පිලිබදව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පුජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (01) නියෝග කළේය.

කෙසේ වුවද මේ වන විට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හදිසි හෘදයාබාධයක් නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහල්ගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස