පාස්කු ප්‍රහාරය එල්ල වූයේ පසුගිය දශකය පුරා ජාතික ආරක්ෂාව නොතකා හැරි නිසායි! – හමුදාපති

May 3, 2019 at 8:51 pm | by admin

පසුගිය දශකයක පමණ කාලයක් පුරා සාමය හා නිදහස භුක්ති විඳිමින් ජාතික ආරක්‍ෂාව නොසලකා හැරීම ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විමට හේතු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. බීබීසී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

නිහඬ ත්‍රස්ත සාමාජිකයින් රට තුළ සිටිය හැකි බවත් බුද්ධි අංශවල සහයෝගයෙන් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය. මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ ආකාරය සැලකීමේදී බාහිර පාර්ශවයක් ඊට සම්බන්ධ බවට ප්‍රකාශ කළ හැකි බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කරන්නන්ට, ජාතික ආරක්‍ෂව සම්බන්ධයෙන් වගකීම ඇති පාර්ශවයන්ට සහ ඉහළ දේශපාලනඥයින්ට චෝදනා එල්ල විය යුතු බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස