පාස්කු ප්‍රහාරයට ගෝඨා සම්බන්ධයි කියලා ආණ්ඩුව කියන්නේ බොරු! – සරත් ෆොන්සේකා

May 2, 2019 at 6:41 pm | by admin

පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මෙය ජාත්‍යන්තරය සමග බැඳුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවක් එවැනි කටයුත්තක් සංවිධානය කිරීම ඉතා අපහසු බව ද මේ කටයුතුවලට හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ යැයි තමා විශ්වාස නොකරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

දැනට ත්‍රස්තවාදීන් මර්දනය සඳහා ගෙන යන මෙහෙයුම් පිළිබඳ කිිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවත් ත්‍රස්තවාදීන් පසුපස දිවගොස් ඔවුන් මර්දනය කළ නොහැකි බවත් හෙතෙම පවසයි. මේ උවදුර සම්පූර්ණයෙන් මර්දනය සඳහා වසර දෙකක් පමණ අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගොස් සහ ආපසු පැමිණෙන විට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස