පාස්කු ඉරිදා සිදු වුණේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක්! එම ප්‍රහාරය අසාර්ථක වූ පසු අධිකරණ බලය අල්ලන සැලසුමක්! (video)

May 10, 2019 at 11:53 am | by admin

පාස්කු ඉරිදා සිදු වුණේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක්! එම ප්‍රහාරය අසාර්ථක වූ පසු අධිකරණ බලය අල්ලන සැලසුමක්!

පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ 2019 මැයි 8 දින පැවති විවාදයේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව

මේ දින වල රෑට රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන විට උදේට පත්තර බලන විට අපට හිතෙන්නේ අපි ජීවත්වෙන්නේ පාවෙන අවි ගබඩාවකද කියලයි. මුළු රටම එකම අවි ගබඩාවක් බව තමයි ප්‍රවෘත්ති වලින් අපි දකින්නේ. හැමදාම ජෙලිග්නයිට් කූරු ඩෙටනේටර් පුපුරණ ද්‍රව්‍ය අත් බෝම්බ කඩු සිය ගණන් හමු වෙනවා. ඒ වගේම සන්නිවේදන උපකරණ හමුවෙනවා.

මුස්ලිම් කටයුතු ඇමතිතුමා නම් කියන්නේ පල්ලිය වටේ කැලේ කපන්නයි පල්ලිය ඇතුලේ කඩු තියා ගත්තේ කියලා. කඩු විශාල තොගයක් හමු වුණු කොම්පඤ්ඤ වීදියේ පල්ලිය වටේ තණකොල ගහක්වත් නෑ. ඒ කඩු වලින් කපන්නේ කෙස් ගස් ද බෙලි ද කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. එතකොට ඩෙටනේටර් තිබුණේ පල්ලියට ලැබුණු පරණ අග්ගලා පුපුරුවන්න ද කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ත්‍රස්තවාදින් රකින්න මේ වගේ මෝඩ ර්තක ඉදිරිපත් කරලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා කියලා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමාට අනතුරු අඟවනවා.

අවි විතරක් නොවේ හමුදා නිල ඇඳුම්, ප්‍රභූ ආරක්ෂක ඇඳුම් වගේම සිවුරු පවා මුස්ලිම් ජාතිකයින් ළඟ තිබී තොග පිටින් අත්අඩංගුවට ගත්තා. ඒ අතරේ සිංහල නම් ගත් මුස්ලිම් විශාල පිරිසක් සොයා ගන්නවා. මොකාට ද මේ කුරුමානම ඇල්ලුවේ?

අයිඑස්අයිඑස් කියන ඇමෙරිකානු බලල් අත යොදා ගෙන පාස්කු ඉරිදා සිදු වුණේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක්. එකම දිනයක රට පුරා බෝම්බ නවයක් පත්තු වුණාම ජනතාව හැගීම් බර වෙනවා. 1983 ජූලි කලබල වගේ ඉහල මට්ටමේ සිංහල – මුස්ලිම් කෝලහාලයක් ඇති වේවි කියලා ඒ අය බලාපොරොත්තු වුණා. ජනතාව ආවේගය පිටකර ගන්න ඒ කරණ කෝලාහලය ඇමෙරිකාවට අවශ්‍ය මට්ටමට නොවෙවී කියලා මේ අය සූදානම් කර ගත්තා මුස්ලිම් පිරිසක් සිංහල නම් ගත්ත. ඒ ගොල්ල හමුදා ඇඳුම් ඇඳ මුස්ලිම් ජනතාවටම පහර දෙනවා මේ එකතු කරගත්ත අවි වලින්. ඒ වගේම ඒ මුස්ලිම් පිරිසට සිවුරු දරාගෙන ඇවිදින් ආශිර්වාද කරන්න තවත් පිරිසක්. එතකොට මොකක්ද ලෝකෙට යන පණිවිඩය. මුස්ලිම් ජනතාවට පහර දෙන්නේ රටේ ආරක්ෂක හමුදාව. ඒ පහර දීමට ආශිර්වාද කරන්නේ ශික්ෂුන් වහන්සේලා. ඒකයි ලෝකෙට යන පණිවිඩය.

එවිට මුස්ලිම් ලෝකයෙන්ම හඬක් එනවා ලංකාවේ මුස්ලිම් ජනතාව දැන් අනාරක්ෂිතයි. ඒ අයට පහර දෙන්නේ රටේ හමුදාව. ආශිර්වාද කරන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ අය රකින්න සාම හමුදාවක් ලංකාවට යවන්න කියලා මුස්ලිම් ලෝකයෙන්ම ඉල්ලීම් එනවා. මුස්ලිම් හමුදා එපෝ කියලා අපි හඬ නගනවා. එතකොට ඔන්න බටහිර බලවේගයන්ට මග පෑදෙනවා නෑ නෑ මුස්ලිම් හමුදා නෙවෙයි අපියි එන්නේ කියලා බටහිර සාම සාධක හමුදාවක් මේ රටට ගොඩ බස්සන්න.

මොකටද මේ ලංකාවට බටහිර සාම සාධක හමුදා ගොඩ බස්සන්නේ?

ඇමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි මණ්ඩලයක් නැතිනම් තින්ක් ටෑන්ක් එකක් වන හෙරිටේජ් ෆවුන්ඩේෂන් 2019 මාරතු 14 ර්පයේෂණ පත්‍රිකාවක් නිකුත් කරලා ඇමෙරිකානු ආණ්ඩුවට උපදෙසක් දෙනවා. රාජපක්ෂවරු හරිම ජනප්‍රියයි. ඊ ළඟ ඡන්දයෙන් යළි ඒ අය බලයට ඒවි. ඊට කලින් අපි ලබා ගත්තු ජයග්‍රහණ තහවුරු කර ගන්න කටයුතු කළ යුතුයි කියලා. මොනවාද තහවුරු කර ගන්න හදන ජයග්‍රහණ?
• මග හිර වෙලා තිබෙන පෙඩරල් ව්‍යවස්ථාව
• අගමැතිතුමන්ගේ වචනයෙන් කියනවා නම් පාර්ලිමේන්තුව ඇතුලේ පොල් ගාමින් තිබෙන ප්‍රතිත්‍රස්ත පනත
• බාගෙට නතර වී තිබෙන රණවිරු දඩයම

ජනාධිපතිවරණයට තව දින 150යි. ඡන්ද කටේ මේවා කරන්න බෑ. ඡන්දය එහෙනම් කල් දාන්න ඕනෑ. උතුරයි දකුණයි දෙකම එකට ගිණිගත්ත, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් කියපු විදිහට නම් දෙකොන ගිණි ගත්ත විලක්කුවක් වෙලා තිබියදීත් 1988 ජනාධිපතිවරණය පැවැත්වුණා. මැතිවරණ පැවැත්වීම බලහත්කාරයෙන් නතර කර ගත හැක්කේ විදේශිය හමුදාවක් මේ රටේ හිටියොත් විතරයි. ඒ වගේම ඇමෙරිකාව යෝජනා කරන ලබාගත් ජයග්‍රහණ තහවුරු කිරීමේ වැඩ පිළිවෙළත් කරන්න පුළුවන් වෙන්නේ.

කාදිනල්තුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් මේක මුස්ලිම් ප්‍රජාවේ වැඩක් නොවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හඳුනා ගත්තා. එතුමන්ට ඒ සඳහා අවශ්‍ය පරිනත භාවය තිබුණා. කවුද මේ මැල්කම් රංජිත් කාදිනල්තුමා? බිලියන 1.3ක් වන කතෝලික ප්‍රජාවට නායකත්වය දෙන කාදිනල්වරු ලෝකයටම ඉන්නේ 120යි. එයින් කෙනෙකු තමයි මැල්කම් රංජිත් කාදිනල්තුමා. ඒ වගේම වසර පන්සීයක ලංකාවේ කතෝලික පල්ලි ඉතිහාසයේ බිහි වුණු දෙවන කාදිනල්වරයා. එතුමාට තිබුණු ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අවබෝධය නිසා මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ ජාත්‍යන්තර බලවේගයක් බව උණු උණුවේම රටට කිව්වා.

කාදිනල්තුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවට සන්සුන් වුණු කතෝලිකයින්, ගමේ පන්සලේ දේව මෙහෙය පැවැත්වීමට ඉඩ ලබා දුන් බෞද්ධයින් ඒ වගේම තම ජාතියේ වුවත් ත්‍රස්තවාදින් අල්ලලා දුන් මුස්ලිම්වරුන් එකට එකතු වී පරාජය කලේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය නොව ඇමෙරිකානු ජාත්‍යන්තර කුමන්ත්‍රණයයි.

ඇමෙරිකානු කුමන්ත්‍රණයේ දෙවන වටය මෙන්න
අපි ඇමෙරිකානු කුමන්ත්‍රණය පළමු වටයෙන් පරාජය කරන විට දැන් ඔන්න දෙවන වටය විධියට අධිකරණයට අත පොවන්න පටන් අරන්. තමන් වසර පහක් පුරා රූකඩ නටවලා රට පාලනය කරපු ගැත්තන් පැරදිලා ගෙදර යන නිසා අධිකරණය හරහා රට පාලනය කිරීමයි.

ඇමෙරිකාවේ ඊ ළඟ අරමුණ.
ඇමෙරිකානු තානාපති කාරයාලය අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට ඇමෙරිකාවේ වැඩමුළුවක් ලැහැස්ති කළා. මේක තිබුණේ 2019 අප්‍රේල් 8 සිට 12 දක්වා. මාතෘකාව Money Laundering and Recovery of Stolen Assets.වැඩමුළුව පවත්වන්නේ ඇමෙරිකාවේ අධිකරණ දෙපාරතමේන්තුවයි එෆ්බිඅයි එකයි.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ අපේ විනිසුරුතුමන්ලා දැන ගැනීමේ වරද මොකද්ද? ඉතින් මේ වැඩමුළුවට සහභාගි වෙන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් නම දෙනෙක් ලංකාවෙන් අමෙරිකාවට යනවා.
1. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මැතිතුමා
2. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයර්වධන මැතිතුමා
3. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමා
4. අභියාචනාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මැතිතුමා
5. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමා
6. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මැතිතුමා
7. මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මැතිතුමා
8. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මැතිතුමා
9. මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මැතිණිය

මෙතුමන්ලා තමයි මේ සඳහා සහභාගී වෙන්නේ. ඉතාම සූක්ෂම විධියට කණිෂ්ඨත්වය නොසලකා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු තිදෙනාම මේ සංචාරයට එකතු කර ගන්නවා.

මේ වැඩමුළුවේ සම්බන්ධිකරණ නිලධාරි විධියට ගියේ ලංකාවේ ඇමෙරිකානු තානාපති කාරයාලයේ ප්‍රධාන දේශපාලන නිලධාරි පැට්‍රික් ටිලොවු (Patrick Tillou). මේ පැට්‍රික් රාත්‍රි භෝජන සංග්‍රහයක දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතාගේ නඩුවේ ප්‍රගතිය විමසනවා. එය අතිශයින්ම දුර්වල නඩුවක් බව විනිසුරුවරු පවසන විට පැට්‍රික් කියන්නේ කුමක්ද? රජයේ අනෙකුත් නිලධාරින්ට ආර්දශයක් විය හැකි තීන්දුවක් ඔබ ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කවුද මේ අපි? අපි කියන්නේ ඇමෙරිකානු ආණ්ඩුව.

දැන් පැට්‍රික් හැසිරෙන්නේ ලංකාවේ අගවිනිසුරු වගේ. ඊ ළඟට අහනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව මෙච්චර ඇදෙන්නේ ඇයි? අපේ නියෝගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන නිසා නඩුව ඇදෙන බව විනිසුරුවරු පිළිතුරු දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ඉක්මනින් අවසන් කරන්න අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පැට්‍රික් අපේ විනිසුරුවරුන්ට උපදෙස් දෙනවා.
මෙතැන හිටිය දේශප්‍රේමි විනිසුරුවරුන්ට හරිම කේන්තියි. එක් විනිසුරුවරයෙක් මේ සංවාදය සම්පූරණයෙන් තම දුරකතනයේ පටිගත කරනවා. ඒ හඬ පටය මා ළඟ දැන් තිබෙනවා. විනිසුරුවරුවරුන්ගේ සංවේදී සංවාද එතැන තියෙන නිසා මම ඒ හඬ පටය සභාගතකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. විනිසුරුවරු සාතිශය බහුතරයකට මේ පිළිබඳ ඇති වුණේ කලකිරීමක්. එක පැත්තකින් මෙය අධිකරණයට බලපෑම් කර අපහාස කිරීමක්. අනිත් පැත්තෙන් රාජකාරියට බාධා කිරීමක්. මේ සියල්ලටම වඩා ලෝකෙට ලොක්කා කියල හිතා ගෙන ඉන්න ඇමෙරිකාව ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව අත පෙවීමක්.

ඥාණසාර හාමුදුරුවන් එක් මහෙස්ත්‍රාත් අධිකරණයකට අපහාස කළා කියලා වසර 19ක් හිරේ දැම්මා. එහෙම නම් මේ පැට්‍රික් ගොයියා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය යන ඉහළම අධිකරණ තුනටම අතිශයින් බරපතල අපහාසක් කරල තියෙනවා. ඥාණසාර හිමියන්ට ලබාදුන් දඩුවම වසර 19යි නම් පැට්‍රික්ට ලබා දීමට ඉතිරි වෙලා තිබෙන දඩුවම එල්ලා මැරීම නෙමෙයි ද? නමුත් අවාසනාවකට ඥාණසාර හිමිට නැති තානාපති මුක්තිය පැට්‍රික්ට තිබෙනවා. නැති නම් මේ පිළිබඳ කම්පණයට කලකිරීමට පත් වී සිටින විනිසුරුවරු දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා හමාරයි.

විනිසුරුවරුනි, ඔබේ දේශප්‍රේමිත්වය පිළිබඳ අපි ආඩම්බරයි. ඔබ අධිකරණයේ ස්වාධීන්තවය රැක ගැනීම ගැන අපි ආඩම්බරයි. ඒ වගේම අපේ අධිකරණය වග කියන්නේ පරමාධිපත්‍ය හිමි ලාංකික ජනතාවට ද නැතිනම් විදේශ සංචාර ලබා දෙන ඇමෙරිකානු ආණ්ඩුවට ද කියන එක ගැන දැන් ජනතාව උත්තරයක් ලබාගැනීම සදහා අධිකරණය දෙස දෑස් දල්වා බලා සිටිනවා කියන එකත් අපි ඉතාමත්ව ගෞරවයෙන් මෙරට අධිකරණයට සිහිපත් කරණවා.

අපි දැක්කා සංචාරක ව්‍යාපාරයට මේ රටේ ඇති වෙච්ච ඉරණම ගැන කතා කරලා සංචාරක ෂේත්‍රයට ආණ්ඩුවෙන් සහන මල්ලක් ලබා දුන්නා. මේ බෝම්බ පිපිරීමෙන් අගතියට පත් වෙච්ච නමුත් කාගෙවත් අවධානයට ලක් නොවේච්ච පිරිසකුත් ඉන්නවා. ඒ අය තමයි තොරන් නිර්මාණකරුවන්. වෙසක් උත්සවයට තොරණ් හදන අය ලැහැස්ති වෙන්නේ මාස හයක ඉඳන්. මේ අය ණය වෙලා උපකරණ විදුලි පරිපථ අරගෙන තොරණ් හදන්න පටන් ගන්නේ. තොරණ් සංවිධායකයින් ආධාර එකතු කරලා මුදල් ගෙවන්නේ වෙසක් කාලයට. දැන් වෙසක් එකට තොරණ් නෑ. ඒ නිසා ණය ගෙවන්න මේ අයට ආදායමක් නෑ. තොරණ් හදන අයට සංචාර කර්කමාන්තයට ලබා දුන් ආකාරයට සහන මල්ලක් ලබා දෙන්න. විශේෂයෙන්ම ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම බුද්ධ ශාසන ඇමතිතුමා මේ කාරණයට මැදිහත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

විවාදය පුරාවට කියැවුණු නම

මේ විවාදය පුරාවට ම කියැවුණු නමක් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා. මැයි මාසේ පස්වෙනිදා සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙන මේ රටේ යුද හමුදාපතිවරයා කියනවා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගෙන් අත්අඩංගුවට ගන්න අය නිදහස් කරන්න කියලා බලපෑම් එල්ල වෙනවා කියලා.

මේ බෝම්බ පුපුරවා ගන්නෙ එතුමන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකගෙ දුව සහ බෑණා. ඒ වගේම පක්ෂයේ ප්‍රබල අනුග්‍රාහකයෙක් වන ඊබ්‍රාහිම්ගේ දරුවන් දෙදෙනා. අත්අඩංගුවට පත්වෙනවා එතුමන්ගේ පක්ෂයේ මන්ත්‍රිවරුන් සම්බන්ධීකරණ ලේකම්වරුන්. ඒ වගේම උපදේශකවරුන්. තබ ටික යන්නේ එතුමන්ගේ අමාත්‍යාංශය හරහා ඊබ්‍රාහිම්ගේ පුතාගේ කම්හලට. මේ සියල්ල ගත්තහම මේ සිදුවීම් දාමය පුරාම කියවෙන නමක් තමයි රිෂාඩ් බදුර්දීන් කියන නම. එතුමාට විරුද්ධව තවත් චෝදනා ගණනාවක් තියෙනවා. තමන්ගේ මල්ලි අත්අඩංගුවට පත්වෙනවා. හමුදාවෙන් ගිහිල්ලා පොලිසියට බාර දෙනවා. මන්නාරම පොලිසියට බලපෑම් ඇවිල්ලා මල්ලිව උසාවියටවත් ඉදිරිපත් නොකර නිදහස් වෙනවා. ත්‍රස්තවාදය සමග එතුමාගේ නම මෙතරම් කිය වෙද්දීත් අඩුම තරමින් එතුමාව පොලිසියේ ප්‍රශ්න කිරීමට වත් ලක්වෙන්නේ නැහැ.

අපේ රණවිරුවෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන මාස 14ක් තියාගත්තා. පොලීසිය තබ කර්මාන්තශාලාවේ සේවකයන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් නොකළ නිසා නිදහස් වෙනවා. රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමනි මේ බෝම්බ ප්‍රහාරයේ ලේ ඔබේ ඇඟේ සෑම තැනම. ඔබේ අත්වල ලේ. ඒ ලේ සෝදා ගැනීම සඳහා ඔබ කටයුතු කළ යුතුයි යන්න අපි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට සිහිපත් කරනවා. ඒ වගේම මේ ත්‍රස්තවාදයේ වගකීමෙන් ආණ්ඩුට ලේසියෙන් පැනල යන්න හදන්න එපා කියලා අපි කියනවා. එමෙන්ම එහි වගකීම ගැනීමෙන් පමණක් නතර වෙන්නෙ නැතුව රට යළි සුරක්ෂිත කිරීමට විපක්ෂයෙන් ලැබෙන සහයෝගය විවේචන කිරීම වෙනුවට එම සහයෝගයෙන් ප්‍රයෝජනයක් ගත යුතුයැයි අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *