දුර්දාන්ත එජාප ආණ්ඩුව පරාජය කර ගෝඨාභය දිනවන්න අපි සූදානම්! – මහා සඟ සමුළුවක් පවත්වමින් රතන හිමි ගෝඨාගේ ජයග්‍රහණය කර මතට ගනී…… (video)

October 6, 2019 at 8:55 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට පෙරමුණ ගැනීමට තමන් වහන්සේලා සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

රට විකුණං කෑ රණ විරුවන් සිරගත කළ කළු සල්ලි ජාවාරමට ඉඩදුන් විජාතික ආණ්ඩුව ගෙදර යවා දේශීය සම්පත් සුරකින රට ජයග්‍රාහී මාවතට ගෙන යාමේ තීන්දුව අද මහා සංඝ රත්නය ගන්නා බවත් රට ජයග්‍රහණය කරා ගෙන යන්නේ එම තීන්දුව බවත් එහිමියන් සඳහන් කළේය.

බොරු නඩු පටලවා මිනිසුන් හිරේ විලංගුවේ දැමීමට උත්සාහ කළහොත් එය මේ රටේ නව නැගිටීම වනු ඇතැයි ද රතන හිමි අවධාරණය කළේය.

ඊයේ (05) කොළඹ නොබෙදී සුරකිමු මව්බිම යන මැයෙන් විජයධරණී ජාතික මහ සමුළුවට එකතු වෙමින් එහිමියන් මේ බව සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස