උතුරේ බෞද්ධ උරුමය වෙනුවෙන් සටන් කළ ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවසන් කටයුතුවලටත් තහනමක්! දේහය පන්සලේ තබා දායක සභාවට අධිකරණයට එන්න නියෝග!

September 22, 2019 at 9:00 pm | by emanisa.lk

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසයි.

ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද (22දා) උදෑසන මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බවය.

පූජ්‍ය කොලඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට ගෙන ඒමෙන් වළකින ලෙසට පළමුව සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව මෙසේ ආදාහන පූජෝත්සවය සිදු කිරීම වළක්වාලමින් තහනම් නියෝගය ගෙන ඇත.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිලධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බව විහාරස්ථාන දායක සභාව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස