ඥානසාර හිමිට සමාව දෙන්න එපා..! අගමැති බිරිඳ ජනපතිට ලියයි!

February 2, 2019 at 9:54 am | by admin

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හයක සිර දඬුවමක් විඳින ගලබොඩවත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස පසුගිය සමය පුරා විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබිණි. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයකු වන ගාමිණි ජයවික්‍රම පෙරේරා ද ජනාධිපතිවරයාගෙන් ලිඛිතව එම ඉල්ලීම කර තිබිණි. එළඹෙන ජාතික නිදහස් දිනයට සමගාමීව ඥානසාර හිමියන්ට නිදහස ලැබෙනු ඇතැයි බොහෝ පාර්ශව විශ්වාසය පළ කළේය.

කෙසේ වුවද ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා යන ලිපි ශීර්ෂය සහිතව පෙබරවාරී 02 වන දින ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන ඉල්ලා තිබේ. මෙම ලිපියට රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක ප්‍රධානීන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද අත්සන යොදා ඇතැයි වාර්තා වෙයි. රටේ අගමැතිවරයාගේ බිරිඳ රාජ්‍ය නොවන සංවිධානවල ලිපියකට අත්සන යෙදීම විශේෂත්වයකි.

පසුගිය සමයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඥනසාර හිමියන්ට ජනාධපති සමාව ලබා දීමට එරෙහිව කිහිප දෙනෙකුට ලිපි යොමු කර තිබිණි. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට එජාපය වගකිව යුතු බවට ද ඇය චෝදනා කළාය. බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහාය ඈට ලැබිණි. බන්ධනාගාර ආරංචි මාර්ග අනුව නිදහස් දිනයට සමගාමීව ඥානසාර හිමියන්ට සමාව ලබා දීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැත. පසුගිය දා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ඉල්ලා සිටි අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටියේ නිදහස් දිනයට පෙර නොව අලුත් අවුරුද්දට පෙරවත් එම ඉල්ලීම ඉටු කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *