එජාපයෙන් ශ්‍රීලනිපයට ඇරයුම්! ශ්‍රීලනිපය දෙලොවක් අතර!

September 29, 2019 at 6:37 am | by emanisa.lk

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එජාපය ශ්‍රීලනිපයට ඇරයුම් කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත ලිපියක් යොමු කරමින් වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ දෙකේ නායකයන්ට හමු වීම සඳහා අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ශ්‍රීලනිප සහාය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම හමුවේ අරමුණ බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා සමග සිටින පිරිසක් ශ්‍රීලනිප සහාය එජාපයට ලබා දීමේ උත්සාහයක නිරතව සිටින බව ද මේ අතර වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස