එදා හංසයා මෙදා කෙසෙල් ඇවරිය! සජිත් මෛත්‍රී සන්ධානය සූදානම්! – ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්

September 22, 2019 at 2:40 pm | by emanisa.lk

2010 සහ 2015 හංස සන්ධානය ඔස්සේ ජනාධිපතිවරණයට පැමිණි ආකාරයටම 2019 වසරේ කෙසෙල් ඇවරිය යටතේ සුවිශේෂ සන්ධානය සඳහා නාම යෝජනා සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

මෙම සටහන සඳහා ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ද ටැග් කර තිබීම විශේෂත්වයකි. කෙසෙල් ඇවරිය සලකුණ හිමි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයා මෛත්‍රීි ගුණරත්නය. එසේම රජිත මෙන්ම මෛත්‍රී ද මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සමීපව කටයුතු කරන ඔහු විසින් ආණ්ඩුකාර ධුර ලබා දුන් දෙදෙනෙකි.

මේ අනුව ඉදිරියේදී එජාප අපේක්ෂකත්වය නොලැබෙන සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය සමග සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි දේශාපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

එජාප උපනායක සජිත් ප්‍රේමදාස පක්ෂය අතැර යාමට ගන්නා තීන්දුව පිළිබඳ අමන්දානන්දයට පත්ව ඇති රනිල් පාර්ශවය දැනටමත් එජාප උපනායක තනතුරු දෙකක් තනා නවීන් දිසානායක සහ සාගල රත්නායක ඒ සඳහා පත් කිරීමට යෝජනා කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස