ශ්‍රීලනිපය එජාප අයවැයට පක්ෂ නම් ඔවුන් සමග සන්ධාන පලක් නෑ! පොදුජන පෙරමුණ..

April 4, 2019 at 4:46 am | by admin

එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මේ දිනවල සිදුවෙයි.

එහෙත් ශ්‍රීලනිපය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත නොකරන්නේ නම් සන්ධානයක් සඳහා ඔවුන් සමග සාකච්ඡා කර පලක් නොමැති බවත් එම සාකස්ෂාවලින් වහාම ඉවත් විය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

කෙසේ වුවද මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කරගෙන ජනතාව දැනුම්වත් කර කෙසේ හෝ ඉදිරි මැතිවරණය ජය ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස