එජාප ශ්‍රීලනිප ලේ නෑකම අලුත් වෙයි! විජයමුණි එජාපයෙන් කටානට! උදාර පුතා ශ්‍රීලනිපයෙන් බිබිලට!

July 4, 2019 at 6:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසනයේ නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදාර විජයමුණි සොයිසා පත්කර තිබේ.

ඔහුගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා එක්සත් ජාතික පක්ෂ කටාන ආසන සංවිධායක ධූරය සඳහා යෝජනා වී තිබේ.

පියා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙක් වන විට ඔහුගේ පුත‍්‍රයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීම විශේෂත්වයක් වන අතර පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් වූ විජිත් විජයමුණි සොයිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමති ධුරයක් ලබා දුන්නේ ජනාධිපතිවරයා විසිනි.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළ අවස්ථාවේ විශ්වාසභංගයක් ගෙන ආ අතර එහිදී විජිත් විජමුණි සොයිසා එජාපය සහාය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස