එජාපයට ළං කළොත් ශ්‍රීලනිපය ත්‍රිවිල් පක්ෂයක් වෙලා අතුගෑවිලා යනවා! ශ්‍රිලනිප නායක ජනාධිපතිතුමා ඒකට ඉඩ දෙන එකක් නෑ! – අනුර ප්‍රියදර්ශන යාපා

March 27, 2019 at 8:57 am | by admin

දීර්ඝ දේශපාලන අත්දැකීම් සහිත අයකු ලෙස පසුගියදා ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට යවන ලද පිරිස නැවත කැඳවූ අයකු ලෙස නැවතත් එම වළේ වැටීමට එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බව අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ශ්‍රීලනිපයේ පැවැත්ම ඇත්තේ එජාප විරෝධි කඳවුරේ බවත් එජාප කඳවුරට එම දේශපාලන පක්ෂය ළං කිරීම එහි විනාශය බවත් පවසන මන්ත්‍රීවරයා ඒ සඳහා වර්තමාන නායකයා කටයුතු නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ළං වී දේශපාලනය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අනුර ප්‍රියදර්ශන යාපා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එසේ නොකළහොත් ශ්‍රීලනිපය ත්‍රිවිල් පක්ෂයක් බවට පත්ව දේශපාලනයෙන් අතුගෑවි යනු ඇති බවය.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *