ජනාධිපතිවරණය තනිව ජයගන්න ශ්‍රීලනිප සූදානම්! ශ්‍රීලනිප අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන යෝජනාව තීන්දුයි!

June 27, 2019 at 9:31 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු නම් කිරීමට තීන්දු කර තිබේ.

ඊයේ (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රීලනිප මධ්‍ය කාරක සභාවේ තීන්දුව අනුව ජනාධිපතිවරණයට තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගන්නා බවය.

ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර වෙනත් පක්ෂ මෙතෙක් සිය අපේක්ෂකයන් නම් නොකර ඇති පසුබිමක ශ්‍රීලනිපය ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීමට තීන්දු කළ බව බස්නාහිර හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය පවසා තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂට ඡන්ද ලක්ෂ 15ක් ද එජාපයට ලක්ෂ 36ක් ද පොදුජන පෙරමුණට ලක්ෂ 50ක් ද ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස