අපි එජාප විරෝධී පුළුල් සන්ධානයක් හදනවා! එහි අපේක්ෂකයා ගෝඨා නොවෙන්න පුළුවන්! – දුමින්ද

August 12, 2019 at 2:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කළත් ඉදිරියේදී බිහිවන පුළුල් සන්ධානයකදී අපේක්ෂයා වෙනත් අයකු වීමටත් හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද එසේ කිරීමට අයිතියක් ඇති බව ඔහු සඳහන් කරයි.

එහෙයින් පොහොට්ටුව තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කිරීම ශ්‍රීලනිප – පොහොට්ටු සන්ධාන සාකච්ඡා සඳහා කිසිදු බාධාවක් නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රීලනිප සහ පොහොට්ටු දෙපාර්ශ්වයේ අපේක්ෂකයින්ගෙන් එක් අයකු පමණක් බැවින් එජාප විරෝධී සියලු පාර්ශ්ව එක් කරගනිමින් බිහිකෙරෙන පුළුල් සන්ධානයකදී අපේක්ෂකයා වෙනත් අයකු වීමට ද හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව ශ්‍රීලනිපයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස