එජාපයට යන්න ඕන නම් පක්ෂය අතෑරලා යන්න! – ශ්‍රීලනිපයේ දයාසිරි සහ සියඹලාපිටිය ගැටෙයි….

September 28, 2019 at 1:46 pm | by emanisa.lk

ශ්‍රීලනිපයට ඇති හොඳම විකල්පය පොදුජන පෙරමුණට එකතු වීම බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සිදුකළ ප්‍රකාශය අරබයා ඔහු සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේරක අතර දැඩි වචන හුවමාරුවක් සිදුව තිබේ.

ශ්‍රීලනිප මූලස්ථානය තුළ සිට මාධ්‍ය හමුවක් කැඳවා එවැනි ප්‍රකාශයක් කිරීම උචිත නොවන බවත් එවිට තම කේවල් කිරීමේ හැකියාව දුර්වල බව බවත් දයාසිරි ජයසේකර උක්ත ප්‍රකාශය විවේචනය කරමින් පවසා තිබේ.

එහිදී රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ තම ස්ථාවරය ඕනෑම අවස්ථාවක ඍජුව ඉදිරිපත් කරන බවත් දයාසිරි ජයසේකර ශ්‍රීලනිපය එජායට පූට්ටු කිරීමට උත්සාහ කරන බවත් අවශ්‍ය නම් ඕනෑම අයකුට ශ්‍රීලනිපය අතැර එජාපයට යා හැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස