ජනපතිගේ එජාප හිතැති ප්‍රකාශයෙන් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස කැළඹෙයි! ප්‍රගතිශීලි කඳවුරේ අපේක්ෂකයා වන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලායි!

June 6, 2019 at 4:31 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි දේශප්‍රේමී පුළුල් සන්ධානයකින් නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් බාරදී තිබේ.

මෙම ලිපිය අද (06) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ඒ සදහා අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලනයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී සිටින බැවින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව මෙම ලිපිය මගින් අවධාරණය කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස