අගමැතිතුමා මුණ ගැහුණේ ශ්‍රීලනිපය රකින විදිහ සාකච්ඡා කරන්න! අපි එජාපයට ගියේ නෑ! – ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය

September 23, 2019 at 8:20 am | by emanisa.lk

තමා අගමැති සමග සාකච්ඡාවකට ගියා මිස එජාපයට නොගිය බව කඩුවෙල හිටපු නගරාධිපති ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානයේ ජී.එච්. බුද්ධදාස පවසයි.

තමා අගමැති මුණ ගැසුණේ එජාපයට එකතු වීමට හෝ ආණ්ඩුවට ආශීර්වාද කිරීමට හෝ නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස සාකච්ඡාවක් සඳහා බව හෙතෙම අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ලේකම් රජික කොඩිතුවක්කු ද සහභාගී විය.

එහෙත් පසුගියදා කඩුවෙල හිටපු පුරපති ජී.එච්. බුද්ධදාස අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී එජාපයට සම්බන්ධ වූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස