ඒකාබද්ධය ජනපති විවේචනය කරලා එජාප උපක්‍රමවලට හසුවෙන්න ඕන නෑ! – වාසුදේව

July 3, 2019 at 9:17 am | by emanisa.lk

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීරවරුන් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ශ්‍රීි ලංකා නිදහස් පක්‍ෂය විවේචනය නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

වැඩි දුරටත් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයා සමග ඒ පක්ෂය සමග කථාබහ කරමින් පොදු එකඟතාවකට එන්න උත්සහ කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ විරෝධී එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන් උත්සහයක් දැරිය යුතුයි. ඒ සඳහා පළමුවෙන්ම ජනාධිපතිවරයාට සහ ශ්‍රීලනිපයට පහර ගැසීමෙන් වැළකී ඉන්න ඕනේ. එතුමා UNP එකත් එක්ක ගැටෙන වෙලාවේ එතුමාට බාධා කරන්නෙ මොකටද? අගමැති ධූරය ලැබුණා.. විපක්ෂ නායක ධූරයත් ලැබිලා තියෙනවා. ඒ ඔක්කොම ඇති වූ එකඟතාව අනුවයි. ”

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර මතභේදයක් ඇති කිරීම ආණ්ඩු පාර්ශ්වයේ උපක‍්‍රමයක් විය හැකි බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස