ශ්‍රීලනිප 06ක් දැනටමත් අයවැයට ඡන්දය දෙන්න සූදානම්! ජනමතය කෝටි ගණනට විකිණෙයි!

March 8, 2019 at 10:03 pm | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙකු මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබා දීමට සූදානමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පවසයි.

අද (08දා) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

2019 අයවැයෙන් බදු බර සියයට 21කින් වැඩිවෙලා. ජනතාවගෙන් ආදායමක් උපයාගන්නවා මිස ජනතාවට කිසිම සහනයක් නැති අයවැයක්.

එජාප පසුපෙළ කණ්ඩායම කියනවා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා. අපි දන්නවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන බව. අගමැතිවරයා දන්නවා මේකට විරුද්ධවුණොත් වෙන දේ. අපි මේ චන්ඩි මන්ත‍්‍රීවරුන්ට අභියෝග කරනවා පුළුවන්නම් පරාජය කරලා පෙන්වන්න කියලා.

මීට පෙර වාර්තා වූයේ හිටපු ජනාධිපතිනියගේ මූලිකත්වයෙන් ශ්‍රීලනිප පිරිසක් අයවැය වෙනුවෙන් මිලයට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවය. ඒ අනුව අයවැයට පක්ෂ වන මන්ත්‍රීවරයකුට කෝටි 10ක් ද අයවැය ඡන්දය මග අරින මන්ත්‍රීවරයකුට කෝටි 05ක් නියම වී ඇති අතර සියලු ගනුදෙනු සිංගප්පූරුවේ සහ ඩුබායි හිදි සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *