2020 ජනපති ගෝඨා! අගමැති මහින්ද! කතානායක මෛත්‍රී! විපක්ෂ නායක රනිල්!

August 31, 2019 at 11:01 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ ද, කථානායක ලෙස මෛත්‍රීපාල සිරිසේන ද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 27 වනදා ශ්‍රීලනිපය හා පෙදුජන එක්සත් පෙරමුණ අතර විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර එහිදී මෙම කාරණාව සාකච්ඡාවට බදුන්වී තිබුණේ නැත. එහෙත් මේ පිළිබදව විවිධ පාර්ශවයන් විශේෂයෙන් එම පක්ෂෙවලට සම්බන්ධ විද්වතුන් වෘතිකයන් අතර මෙය විශේෂ යෝජනාවක් ලෙස කතාබහට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ අතරම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස කිසිවෙකුත් නම් නොකරන තත්ත්වයක් තුළ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂක උත්සාහය බිඳ වැටෙන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තොරතුරු හෙළි කරයි.

එමෙන්ම එජාපයේ අපේක්ෂකයා ලෙස නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවද වාර්තාවේ.

ඉරිදා දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස