ජනාධිපතිගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට!

August 2, 2019 at 10:17 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට එකතු වීමට සූදානම් බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප මැද කොළඹ ආසන සංවිධායක ලෙස කටයුතු ෆවුසිට අනතුරුව එය අහිමි වූ අතර දින 52 ආණ්ඩුව සමයේ ඔහු එජාපය සමග විපක්ෂයේ වාඩි වූයේය.

පසුගියදා මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස් වූ අවස්ථාවේ ඔවුන්ට නායකත්වය දෙමින් කටයුුතු කළේ ෆවුසිය. ඔහු ද 2015 මහා මැතිවරණයට පසු ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රිවරයෙකි.

මේ අනුව ෆවුසි ඇතුළු ශ්‍රීලනිපයෙන් ඉවත් වී එජාපයට සහාය දැක්වූ පිරිස අගමැති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය අනුව නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ට අනාගතයක් නැතැයි ඒ.එච්.එම්. ෆවුසි මාධ්‍ය වෙත පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස