එජාප විරෝධී දැවැන්ත සන්ධානයේ කටයුතු ඉක්මන් වෙයි! ශ්‍රීලනිප ප්‍රබලයෝ තුන් කට්ටුව ගෝඨා මුණ ගැසෙයි!

August 29, 2019 at 1:42 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර හමු වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එජාප විරෝධී එක පෙරමුණක් ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වා මහින්ද අමරවීර ප්‍රකාශ කළේ තම පක්ෂය කිසිසේත් එජාප අපේක්ෂකයාට සහාය නොදෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස