ශ්‍රීලනිපය පොහොට්ටුවට යට කරන්න ඉඩ දෙන්නේ නෑ! ජනාධිපතිවරයාට උදව් කළ එජාපය අමතක කරන්නෙත් නෑ! – දුමින්ද දිසානායක

April 11, 2019 at 10:41 pm | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව යෝජිත පුළුල් සන්ධානය නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය සෑම විටම ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

පොහොට්ටුවේ අය කියන විදියට පොහොට්ටුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යට කර දැමීමට කිසිවෙකු සුදානම් නොමැති බව ද අනුරාධපුරයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ජනාධිපතිවරයාට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමඟ අතීතයේ අමාරු අවස්ථාවේ සිටි කිසිවෙක් අමතක නොකරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවත් ඔවුන් සමඟ එකතු අනන්‍යතාව රැක ගනිමින් වැඩ කරනවා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කිරීමට ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

ජී.එල්.පීරිස් මහතා ඊයේ දිනයේ දී ජනාධිපතිවරයාගේ ධූර කාලය නැවත වතාවක් වසර 5ක් ද නැතිනම් පහ මාරක් ද යන වග අධිකරණයෙන් විමසන්නේ නම් එයට ඉතා පැහැදිලි ලෙස විරුද්ධ වන බව පැවසු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස සැමදා අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස