ගෝඨාට රට හදන්න කැක්කුමක් හෝ ශක්තියක් නෑ! මම කවදාවත් එජාපයට කඩේ යන්නේ නෑ! ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා වෙනවා! – වෙල්ගම රනිල්ගේ වේදිකාවේ සිට කියයි..

August 24, 2019 at 7:38 am | by emanisa.lk

තමන්ගේ ග්‍රහයා සහ වෙලාව හොඳ නම් රටේ මිනිස්සුත් කැමති නම් තමන්ටත් ජනාධිපති අපේක්ෂකයකු වීමේ අවස්ථාව හිමි බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 90%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ තමා සමග බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

වාමාංශික අදහස් දරන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වන තමන් එක්සත් ජාතික පක්ෂයට කඩේ නොයන බවත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මහ ලේකම් ලෙස එජාපයට එක් වූ අවස්ථාවේ ඊට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා වන තමන් කිසි දිනක එජාපයට නොයන බවත් ඔහු අවධාරණය කළේය.

කුමාර වෙල්ගම එසේ සඳහන් කළේ, අයිඩියල් මෝටර්ස්‌ සමාගම මගින් මතුගම මැතිවරණ කොට්‌ඨාසයේ උඩගංගොඩ ඉදි කළ, වාහන එකලස්‌ කිරීමේ කර්මාන්ත ශාලාව, අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රට අතහැර ගිය අයට රට හැදීමට කැක්කුමක් හෝ ශක්තියක් නැති බවත් එදා ගෝඨාභයට විරුද්ධව කතා කළ සරත් ෆොන්සේකා අද කියන කතා පුදුමසහගත බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස