ආණ්ඩුවේ බොරු නඩු එක එක පිට එක පැරදෙයි! ගෝඨාට එරෙහි පෙත්සම ඇමරිකා අධිකරණය කුණු කූඩයට දමයි!

October 22, 2019 at 2:05 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුං.ගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා අහිම්සා වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස