ගෝඨා අපරාධකාරයෙක්! මාධ්‍යවේදීන් මැරුවා! – කොටි හිතවාදී යස්මින් සූකාගෙන් ඇමරිකානු අධිකරණයට ප්‍රකාශයක්….

September 6, 2019 at 9:05 am | by emanisa.lk

ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා විසින් ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාව තුළ අපරාධ සිදුකළ බව දක්වමින් කැලිෆෝනියා අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදී ඇත.

ඇය සිය දිවුරුම් ප‍්‍රකාශයෙන් පසුගිය සමයේ මෙරට මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම ඝාතනය කිරීම සහ වෙනත් හිංසනික ක‍්‍රියා ගැන කරුණු දක්වා තිබේ.

ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ සිද්ධීන් පිළිබඳව ඈ තොරතුරු ලබාගෙන ඇත්තේ මාධ්‍ය වාර්තාවලිනි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇයට මෙලෙස දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදීමට අයිතියක් නැතැයි දේශපාලන විචාරකයෝ පවසති.

මෙයට පෙර ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු මේජර් ජෙනරාල් ජගත් ඩයස් ආදීන්ට විරුද්ධව නඩු පැවරීමට ද කටයුතු කළ සූකා ගෝඨාභයට ඇමරිකාවෙන් පිටවන්නට ඉඩ නොදෙන ලෙස ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස