එජාපය නම් ගෝඨාට විරුද්ධව පෙත්සම් ගැහුවේ නෑ! කකුල් මාට්ටු වැඩ අපට පුරුදු නෑ! අපි ඕවා දන්නෙත් නෑ!! – හරීන්

October 5, 2019 at 8:15 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට කකුල් මාට්ටු ජනාධිපතිවරයකු වීමට කිසිදු උවමනාවක් නැතැයි ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ එනවා නම් තමන් කැමති බවත් ගෝඨාභය රාජපක්ෂ භීතිකාවක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

තමන් ගෝඨාභය රාජපක්ෂට නඩු දැමීමට නොයන බවත් එම තීන්දු අනුව කටයුතු සැලසුම් නොකරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැමුන් අනුකම්පාව ගැනීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සමට එජාපය සම්බන්ධ කිරීමට උත්සාහ කළ ද ඒ සඳහා තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද මෙම පෙත්සම ඉදිරිපත් කළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන දෙදෙනාම එජාප කඳවුර නියෝජනය කරන අතර 2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ද මුල් වී කටයුතු කළ අය වෙයි. ඔවුන් පසුගිය දිනක ද එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කළේය. මේ අතර වැඩේ ගැස්සී ගිය විට දැන් අපි මේවාට නැතැයි එජාපය අතසෝදා ගනු ඇතැයි ඔවුන්ගේ පාක්ෂිකයෝ චෝදනා කරති.

කොළඹ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස