ගෝඨාට ඇමරිකාවේ නඩු දමන කතා එජාපය උණ විකාරෙන් දොඩවන බොරු! – ගම්මන්පිල (video)

April 2, 2019 at 9:25 am | by admin

එක්සත් ජාතික පක්ෂය මේ දිනවල ගෝඨාභය නමැති දරුණු උණ රෝගය වැළඳී විකාරයෙන් දොඩවන දෑවල කිසිදු සත්‍යයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ නඩු දමන බවට පසුගිය දිනවල එජාපය ප්‍රචාරයක් ගෙන ගියේය.

ලසන්ති වික්‍රමතුංග ඝාතනය කළේ කවුද යන්න එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී හෙළි කළ බව ද ඝාතකයා අද රනිල් සමග සිටින නිසා ඔහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ද හෙතෙම අනාවරණය කළේය.

කෙසේ වුවද ඇමරිකාවේ මෙවැනි නඩු පැවරිය හැක්කේ සර්වලෝක අධිකරණ නීතිය යටතේ බවත් එම නීතිය යටතේ නඩු පවරන්නේ ඇමරිකානු පුරවැසියන්ට, නිලධාරීන්ට හෝ තානාපති කාර්යාලවලට එරෙහිව විදේශීය රටවල දී අපරාධ කළ අයට එරෙහිව බවත් හෙතෙම පවසයි. ඒ අනුව මෙවැනි බොරු නඩුවක් පවා ඇමරිකාවේ පැවරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස