ඊළඟ ජනාධිපති අනාගමික ලිබරල් නායකයෙක්! ගෝඨාභය නෙමෙයි! – මංගල

August 12, 2019 at 2:24 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරයා තවත් රාජපක්ෂ කෙනෙකු නොවනු ඇති බවත් ඔහු අනාගමික, ලිබරල් ප්‍රගතිශීලී බලවේග එකතු කරන්නෙකු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම ගැන අදහස් දක්වමින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරයා රාජපක්ෂලා ඕනෑම ගණනක් සහ ඔවුන්ගේ සුදු වෑන් සමඟ තරඟ කළ හැකි පීඩනයට එරෙහිව කටයුතු කළ හැකි අයෙකු බවයි.

තමන් මහින්ද රාජපක්ෂව වසර ගණනාවක් සිට දන්නා බවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු මූලිකත්වය ලබාදුන්නේ ඔහුගේ පවුල පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සහ බලවත් කිරීමට විනා රට ආරක්ෂා කිරීමට නොවන බවත් මංගල සමරවීර පවසා ඇත.

පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බවද මුදල් ඇමතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස