ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්! ඩී.ඒ. රාජපක්ෂ නැඟිටලා ආවත් ඊළඟ ඡන්දයෙන් එජාපය දිනනවා!

April 17, 2019 at 9:50 pm | by admin

ආරම්භයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ද මේ වන විට ශිරන්ති රාජපක්ෂ ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව පවසන නමුත් මේ වන විට විපක්ෂයට ජනාධිපති අපේක්ෂකයකු නොමැති තැනට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවේ නඩු වැටෙන විට ඉදිරියේ දී මෙරට දී ඔහුගේ දූෂණ පිළිබඳ කටයුතු කිරීමට සූදානම් වන විට අද ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂිකාව කිරීමට සූදානම් වුවද දැන් කිසිවකු මැතිවරණ පිළිබඳ කතා නොකරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

විපක්ෂයට රාජපක්ෂ පවුලෙන් පිට කිසිදු අපේක්ෂකයකු පිළිබඳ සිතිය නොහැකි බවත් ශිරන්ති රාජපක්ෂ නොව ඩී.ඒ. රාජපක්ෂ නැවත නැඟිට ආවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ එක්සත් ජාතික පෙරමුණු පොදු අපේක්ෂකයා බව හෙතෙම අවධාරණය කරයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ලබා දෙන ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් යැයි මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස