ආණ්ඩුව ගෝඨා හිරේ දානවා නම් ලොකු උදව්වක්! ඒක අපේ ජයග්‍රහණය බොහොම පහසු කිරීමක්! – ගම්මන්පිල

July 8, 2019 at 10:23 am | by emanisa.lk

ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ සිරගත කළත් සිය ජනාධිපති අපේක්ෂකයා ඔහු බවත් එවැනි සිරගත කිරීමක් ආණ්ඩුව තමන්ට කරන උදව්වක් ලෙස සලකන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය පිළිබඳ පක්ෂයේ ප්‍රශ්නයක් නැහැ. කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයකුත් නැහැ. ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය 99% ක් නොව100% ම විසඳාගෙන තියෙනවා.”

“පවතින නඩුවල කුමන තීන්දු ලැබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ අපේක්ෂකයායි. අද මම කියනවා පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දැම්මත් එතුමා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා.”

“එතුමාව හිරේ තියලා අපි මැතිවරණ ව්‍යාපාරය කරනවා. සාමාන්‍යයෙන් අපේ අත්දැකීම තමයි 1989 දී තිලක් කරුණාරත්න මහතා 2010 දී පාලිත තෙවරප්පෙරුම මහත්තයා, 2015 ප්‍රේමලාල් ජයසේකර මහත්තයා, අපට උගන්නපු පාඩම තමයි හිරේ ඉදන් ඡන්දය කරද්දී වෙනදටත් වඩා ඡන්ද ලැබිලා ලැයිස්තුවේ අංක එක වෙනවා.”

“එවැනි උදව්වක් එජාපය කරල දෙනවනම් ගෝඨාභය මහත්තය හිරේ දාලා අපි ඒ උදව්වත් සතුටින් බාර අරගෙන එතුමාගේ ජයග්‍රහණය තහවුරු කර ගන්නවා.”

“අපි මෙච්චර මහන්සි වෙන එකේ ගෝඨාභය මහත්තය ජයග්‍රහණය කරවන්න එජාපයත් මෙහානවහරි දායකත්වයක් දක්වන්නට එපැයි. එජාපයේ දායකත්වය විදිහට හිරේ දාල දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එවිට අපේ මැතිවරණ ව්‍යපාරය වඩා පහසුවෙන් අපට කරගන්න පුළුවන් වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස