ගෝඨාට එරෙහිව ඇමරිකාවේ පැවරූ නඩුව ගැන ඇමරිකන් තානාපතිනිය කතා කරයි!

April 11, 2019 at 7:17 am | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව වදහිංසා පැමිණ වීම සහ නීතියෙන් පරිබාහිරව කටයුතු කිරීම යන චෝදනා යටතේ ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ පනවා ඇති නඩුව එම දෙපාර්ශවය අතර පෞද්ගලික ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙපලිට්‌ස්‌ පවසයි.

තමා එම නඩුවේ අන්තර්ගතය පිළිබඳ නොදන්නා බවත් ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසා බැලිය යුුතු බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි. දෙරණ රූපවාහිනි වැඩ සටහනක් සමග එක් වෙමින් ඈ මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *