ගෝඨා මාධ්‍යවේදීන් 36ක් මැරුවා! සිරසට සියතට ගැහුවා! පොහොට්ටුවේ ඉන්නේ මැරයෝ මිනිමරුවෝ! – රංජන් (video)

August 8, 2019 at 11:09 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් 36 දෙනෙකු මරා දැමූ බවත් සිරස සහ සියත නාළිකාවලට පහර දුන් බවත් ඇමති රංජන් රාමනායක පවසයි.

ලසන්ත වික්‍රමතුංග පාරේ මරා දැමූ බවට සහ එක්නැලිගොඩ අතුරුදන් කළ බවට චෝදනා ඇති ගෝඨාභය කේන්තිකාරයෙකු සහ මිනිමරුවෙක් බව ඇමතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් සියලු දෙනා හොරු වුවත් ඔවුන් තමා මරා නොදමන බව ද ඇමතිවරයා පවසයි.

පහුගිය සමයේ මිනිමැරුම්, හොරකම්, කසිප්පු පෙරීම ආදී චෝදනා ලැබූ පිරිස් සිටින්නේ පොහොට්ටුවේ බවත් ඔවුන් කැමති තමන් වැනිම නායකයෙකුට බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

එජාප ජනාධිපති අපේක්ෂකයා සාමාන්‍ය පෙළවත් සමත් අයෙකු නොවන බවට චෝදනා ඇතැයි පැවසූ විට ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ විමසිය යුත්තේ ඔහුගෙන් බවය. තමන් උසස් පෙළ සමත් නොවී විශ්වවිද්‍යාලයට පැමිණි බවත් හෙතෙම හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස