ගෝඨාට නඩු පැවරූ කොටියා ෆොන්සේකා සහ විග්නේශ්වරන් සමග සෙල්ෆි ගසයි!

April 16, 2019 at 11:17 am | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති නම් රාජ්‍ය නොවන සංවිධානයක් ඇමරිකාවේ කැලිෆෝර්නියා අධිකරණයේදී නඩුවක් ගොනු කළේය. ඒ කැනඩාවේ පදිංචිකරුවකු වූ රෝයි සමානාතම් නමැත්තාට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වදහිංසා කළ බවට චෝදනා කරමිනි.

මොහු 2007 සැප්තැම්බර් මස දිනෙක රෝයි සමානාතම් කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියත් එහිදී ඔහුගේ ගමන් මලූ නිසි පරීක්‍ෂාවට ලක් වූයේ නැත. ඒ උතුරේ ත්‍රස්තවාදී ගැටුම් උග්‍ර කාල පරිච්ඡේදයයි.

එහෙත් රෝයි සමානාතම් පදිංචිව සිටි නිවසට පැමිණි ත‍්‍රස්ත මර්දන නිලධාරීහු ජංගම දුරකථන 600 ක් සොයාගනු ලැබීය. ඒ අතර ජී පී එස් උපාංග ද විය. තමා මෙම උපාංග ගෙන ආවේ මිත‍්‍රයකුගේ වෙළෙඳ ව්‍යාපාරය සඳහා බව රෝයි සමානාතම් පැවසුවත් ත‍්‍රස්ත මර්දන නිලධාරීහු ඒ බව පිළිගත්තේ නැත.

කෙසේ වෙතත් දඩ මුදලක් ගෙවීමෙන් පසු රෝයි සමානාගම් 2010 අගෝස්තු මස නිදහස් විය. කැනඩා රජය ද ඔහු මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කර තිබුණි. එහෙත් මෙම උකරණ උතුරේ ත්‍රස්තවාදීන්ට ලබා දීම සඳහා මෙරටට ගෙන එන්නට ඇති බව සිතිය හැකිය.

කෙසේ වුවද රෝයි සමානාතම් සමග හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පෙනී සිටින ඡායාරූප දෙකක් අප වෙත ලැබී ඇත. යුද්ධය කළේ තමා යැයි කියන සරත් ෆොන්සේකා මෙම පුද්ගලයා ගෝඨාභයට එරෙහිව නඩු පැවරූ විට ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නොකිරීම ද විශේෂත්වයකි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් මතු කර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සරත් ෆොන්සේකා අභ්‍යන්තර කටයුතු ඇමති ධුරයට පත් කිරීමේ සැලසුමක් ද ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස