ඒකීය රාජ්‍යයට විරුද්ධ බව කියන සුමන්දිරන්ට මේ රටේ මන්ත්‍රීවරයකේ හෝ නීතිඥයෙක් වෙන්න බෑ! – සත්‍ය ගවේශකයෝ

October 17, 2019 at 1:27 pm | by emanisa.lk

ඒකීය රාජ්‍යයකට එකඟ නොවන බව පවසන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සහ නීතිඥ ධුරය දැරීමට සුදුස්සෙකු නොවන බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මේ සම්බන්ධයෙන් ඊයේ (16) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කර මධ්‍ය වෙත අදහස් දක්වමින් නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත පවසා සිටියේ අවස්ථා තුනකදී රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවුරුමක් ලබා දෙන බවත් එම්.ඒ සුමන්තිරන් අවස්ථා තුනකදී ලබා දුන් එම දිවුරුම ඔහු කඩා ඇති බව ඔහු සඳහන් කළේය.

මේ නිසා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ට අදාළ තනතුරු දරන්න බැරි බව නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස