අයවැයට TNA සහාය ඕන නම් ත්‍රස්ත විරෝධි පනත අහෝසි කරනු!

February 24, 2019 at 10:26 pm | by admin

2019 වර්ෂය සඳහා එජාප ආණ්ඩුව විසින් ගෙන එන අයවැය සඳහා දෙමළ ජාතික සන්ධාන සහාය උවමනා නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන එන යෝජනාවට එජාප සහාය හිමි විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එ්. සුමන්දිරන් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ යාපනේ දී දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී පිරිසක් අමතමිනි. මේ වන විට ආණ්ඩුව සතුව ඇත්තේ ආසන 103ක් නිසා අයවැය සම්මත කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සහාය අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට වෙනත් පනතක් ගෙන ඒමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

එමගින් දෙමළ ජාතික සන්ධාන සහාය ලබා ගැනීමට නම් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දුර්වල පනතක් වීම අනිවාර්ය වෙයි. මෙසේ දෙමළ ජාතික සන්ධානය ඉල්ලන කප්පම් ලබා නොදුණහොත් අයවැයෙන් ආණ්ඩුව පරාජය වීමේ අවධානමක් ඇත. එසේ වුවහොත් වහාම මහා මැතිවරණයකට යාමට සිදුවනු ඇත.

කෙසේ වුවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට අත්අඩංගුවේ පසුවන ඉතාම දරුණු ගණයේ කොටි ත්‍රස්තවාදීන් සිය ගණනක් එම පනත අහෝසි කිරීමත් සමග නිදහස් කිරීමට සිදුවනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ අරමුණ ද එයමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස