ජනාධිපතිට නියෝජිතයෝ ජිනීවා යවන්න බෑ! ඒකට මුදල් දෙන ජනාධිපතිගේ වැය ශීර්ෂ කපන්න ඕන! – සුමන්දිරන්

March 13, 2019 at 1:46 pm | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ජනාධිපතිවරයාගේ නියෝජිත පිරිසක් සහභාගී වන්නේ කෙසේ දැයි ඒ සඳහා ජනාධිපතිවරයාට අයිතියක් ඇත්දැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

එම කණ්ඩායමට විපක්ෂයේ මන්ත්‍රීවරු යොදා ගත හැකි දැයි ඔහු විමසීය. එසේම මෙම කණ්ඩායම සඳහා මුදල් වෙන් කරන්නේ ජනාධිපති කාර්යාල වැය ශීර්ෂ යටතේ නම් ඒ සඳහා වෙන් කරන මුදල් කපා දැමිය යුතු යැයි සුමන්දිරන් යෝජනා කළේය.

කෙසේ වුවද  මෙවර අයවැයෙන් අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් මාසික දීමනා ගෙවීමට රු.බිලියන 600ක් වෙන් කර තිබේ. මේ මුදලින් වැඩි කොටස අතුරුදන් වූ කොටි සාමාජිකයන් වෙනුවෙන් යෙදවෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස