සුමන්දිරන් දේශපාලනයෙන් සමුගනී?

June 15, 2019 at 5:05 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

වර්තමාන ආණ්ඩුව යටතේ උතුරු නැඟෙනහිර සඳහා දේශපාලන විසඳුමක් ද නව ව්‍යවස්ථාවක් ද සම්පාදනය කරගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව මෙයට පෙර ප්‍රකාශ කළ සුමන්දිරන්ට මේ වන විට පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨයන්ගෙන් යම් යම් බලපෑම් ඇති වන බව වාර්තා වෙයි.

විශේෂයෙන් දිගින් දිගටම ආණ්ඩුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට දෙමළ ජාතික සන්ධානය කොටු කිරීම සිදුවූයේ පෙර කී දේශපාල විසඳුම් සහ නව ව්‍යවස්ථාව නිර්මාණය කරගැනීම උදෙසා ලබා දෙන දේශපාලන කප්පමකි.

මේ වන විට දෙමළ ජාතික සන්ධානය දෙසින් එල්ල වන බලපෑම් නිසා සුමන්දිරන්ට දේශපාලනයෙන් සමුගන්නා ලෙස සිය පවුලෙන් දැඩි පීඩනයක් එල්ල වන බව වාර්තා වෙයි.

කලකට පෙර දෙමළ ජාතික සන්ධානයේ ඊළඟ නායකත්වය සඳහා දෙමළ ඩයස්පෝරාවේ තේරීම බවට පත්ව සිටි සුමන්දිරන් සිය තීන්දුව නුදුරේදීම ප්‍රකාශ කරනු ඇතැයි වර්තා වෙයි.

පසුගිය පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දෙමළ සන්ධානයේ මාවෙයි සේනාධිරාජා වැනි නායකයන් උතුරේ හමුදා ආරක්ෂාව තරකළ යුතු බව පවසද්දී පාස්කු ප්‍රහාරය උතුරේ හමුදා බලය වැඩි කිරීමට බුද්ධි අංශ කළ සැලසුමක් ලෙස හඳුන්වා දී ඊට එරෙහි වූයේ සුමන්දිරන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස