අයවැය ඡන්දයෙන් ආණ්ඩුව අවසන්! දෙමළ සන්ධානයේ බහුතරය විරුද්ධයි!

March 8, 2019 at 10:00 am | by admin

මෙවර අයවැය සඳහා දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් විරුද්ධ බවත් එහෙයින් පක්ෂයක් ලෙස අයවැයට සහාය වීම අර්බුදයක් වී ඇති බවත් එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.

එම්.ඒ. සුමන්දිරන් සහ රනිල් වික්‍රමසිංහ එකතු වී අයවැය සඳහා එම පක්ෂ මන්ත්‍රී සහාය ලබා ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබුණ ද දෙමළ සන්ධාන බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය මෙම අයවැය මගින් දෙමළ ජනතාවට හෝ සමස්ත ජනතාවට කිසිදු සෙතක් නොමැති බවය.

එසේම අයවැයට ඡන්දය දීම නිසා දැනටමත් අහිමි වෙමින් පවතින සිය ඡන්ද පදනම ඉදිරියේ දී තවත් අඩු වනු ඇතැයි ද එම මන්ත්‍රීවරු බිය පළ කරති. මේ වන විටත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරන අතර ඔවුන්ගේ ඡන්ද අයවැයට එරෙහිව භාවිත වනු ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේ පසුගිය ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලියේ දී මන්ත්‍රීවරුන් 122ක් තමන්ට සහාය වූ බවත් ජවිපෙ සහාය නොලැබුණ ද එම ඉතිරි ඡන්දවලින් අයවැය සම්මත කරගත හැකි බවත්ය. ජවිපෙ හැරුණු විට එජාපයේ සහායට පැමිණියේ දෙමළ සන්ධානය පමණි.

දෙමළ සන්ධානයට මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අයවැයට සහාය උවමනා නම් ත්‍රස්ත විරෝධි පනත අහෝසි කළ යුතු බවය. එජාපයේ මරික්කාර් මන්ත්‍රීවරයා පැවසූයේ අයවැය සඳහා බහුතරය ලබා ගැනීම අපහසු බවය. මේ අනුව දෙමළ සන්ධාන ඡන්ද අයවැයට නොලැබුණහොත් එය සම්මත කර ගත නොහැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *