රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති සුමන්දිරන්!

January 25, 2019 at 6:28 am | by admin

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඊයේ (24දා) පත්විය. පාර්ලිමේන්තුවේදී ඊයේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම පත් කිරීම සිදුවිය.

එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසන්ත පුංචිනිලමේ, බිමල් රත්නායක, ලක්ෂ්මන් විජේමාන්න, මයිල්වාගම් තිලකරාජා, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, විජේපාල හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ සහ මොහොමඩ් ඉස්මයිල් යන මන්ත්‍රිවරුන්ය.

දෙමළ ජාතික සන්ධානය විරුද්ධ පක්ෂයෙ අසුන් ගන්නා අතර විපක්ෂ නායක ධුරය සිය ලක්ෂයට ලැබිය යුතු බව⁣ට දිගින් දිගටම ප්‍රකාශ කළෙය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස