පල්ලි හොටෙල්වල මරාගෙන මැරුණේ අයිසිස් නෙමේ රටේ බුද්ධි අංශවල අයයි! ආයේ කොටි නැඟිටිනවා කියලා පෙන්නන්න ඕන නිසායි මේක කළේ! – සුමන්දිරන්ගෙන්

May 3, 2019 at 10:03 am | by admin

තවුහිද් ජමාද් සංවිධානය සහ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන්ට ඇති සම්බන්ධය සොයා බලන ලෙස තම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

කොටි සංවිධානය නැවත නැඟිටින බවට හමුදා බුද්ධි අංශ ප්‍රචාරය කර ඇති බවත් එම බොරු ප්‍රචාරය සත්‍ය කරගැනීම සඳහා රටේ සමහර තැන්වලට මේ පිරිස ප්‍රහාර එල්ල කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එසේම යුද්ධය අවසන් කළ නායකයෙක් නැවත රටට උවමනා යැයි කීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද සුමන්දිරන් අවධාරණය කරයි.

ප්‍රහාර එල්ල වූයේ බස්නාහිරට සහ නැඟෙනහිරට බවත් උතුරේ වැඩිපුර හමුදා රැඳී සිටිය යුතු නැති බවත් ඔහු පවසයි. එහෙයින් උතුරේ ජනතාව සතු ඉඩම් අල්ලාගෙන වැඩිපුර සිටින හමුදාවට තමන් එරෙහි වන බව සුමන්දිරන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස