ආණ්ඩුවේ මුදලින් ජිනීවා ගිය කොටි සහ අතින් වියදම් කරගෙන ජිනීවා පැමිණි ලාංකිකයෝ ගැටෙති! ඉල්ලීම් නොදුන්නොත් රට කඩනවා යැයි ශිවාජිලිංගම් ගුගුරුයි! (video)

March 18, 2019 at 6:35 pm | by admin

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අද පැවති සමාන්තර සැසියක දී ආණ්ඩුවේ මුදලින් ජිනීවා ගිය සුමන්දිරන්, ශ්‍රීධරන්, ශිවාජිලිංගම් සහ විදෙස් රටවල සිට පැමිණි දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට විරුද්ධව ද්වේෂ සහගත අසත්‍ය තොරතුරු ප්‍රචාරයට කටයුතු කර තිබේ.

ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා රජය කිසිවකු යවා නොතිබූ අතර අතින් වියදම් දරාගෙන එහි පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලංකාකියෝ මෙම අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව සත්‍ය වෙනුවෙන් හඬක් නැඟීමට විශාල උත්සාහයක් දරා තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලධාරීන් කොටි සංවිධානයට හිතවත් ආස්ථානයක කටයුතු කිරීම මෙන්ම රජයේ නියෝජිතයන් ද කොටි වෙනුවෙන් පෙනී සිටීම ජිනීවා වෙත ස්වේච්ඡාවෙන් ගිය දේශමාමක පිරිස ද බෙහෙවින් අපහසුතාවට පත් කර තිබේ.

මේ එම අන්තර් සැසි වාරය අතරතුර උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ශිවාජිලිංගම් සහ දේශමාමක ලාංකිකයන් අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවකි. සිය ඉල්ලීම් ලබා නොදුනහොත් රට දෙකට නොව හතරට කඩන බවට ශිවාජිලිංගම් එහිදී තර්ජනය කළේය. රටට සිදුවන මේ අසාධාරණය නතර කිරීමට මුලින්ම කළ යුත්තේ වර්තමාන ලංකා ආණ්ඩුව වෙනස් කිරීම බව එම ශ්‍රී ලාංකිකයෝ පැවසූහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස