ආණ්ඩුවේ බහුතරය අහිමියි! ජාතික ආණ්ඩුවට අපිත් විරුද්ධයි! – දෙමළ සන්ධානය

February 5, 2019 at 2:26 am | by admin

යෝජිත ජාතික ආණ්ඩුව පිහිටු වීමට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස දෙමළ ජාතික සන්ධානය පවසයි. එහෙයින් පසුගිය ජාතික ආණ්ඩුවට මෙන්ම මෙම ජාතික ආණ්ඩු යෝජනාවට ද තමන් විරුද්ධ වන බව එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

කෙසේ වුවද ප්‍රධාන පක්ෂ දෙක එක් වූ ජාතික ආණ්ඩුවක් පැවතිය යුතු යැයි තමා විශ්වාස කරන බව ද දේශපාලන විසඳුමක් ලබා ගත හැක්කේ එවැනි ආණ්ඩුවක් යටතේ බවත් හෙතෙම යාපනේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කරයි.

මේ වන විට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අතර දෙමළ ජාතික සන්ධාන සහාය නොමැතිව ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතර අනුමැතිය පවා ලබා ගත නොහැකිය. ජනාධිපතිවරයා මෙම ජාතික ආණ්ඩුවට තරයේ ම විරද්ධ බව ප්‍රකාශ කළේ ඊයේ නිදහස් සැමරුම් උළෙලේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *