වසර 30කට පසු උතුරට දිනාදුන් නිදහස හමාරයි! දස වසරකට පසු නැවතත් මග දෙපස බංකර් ඉදිරිවෙයි!

May 7, 2019 at 1:13 pm | by admin

රටේ උද්ගතවු තත්ත්වය සමග යාපනය අර්ධද්වීපයේද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් තිබේ. බෝම්බ සවි කළ වාහන 20ක් පමණ උතුරු පළාත වෙත ගමන් කිරීමට සූදානම් බවට බුද්ධි අංශ පසුගිය සමයේ අනතුරු අඟවා තිබිණි.

ඒ අනුව යාපනයට ඇතුළු වන සියලුම වාහන පුර්ණ පරික්ෂාවකට ලක් කිරීම සඳහා ආරක්ෂක අංශ දිවා රෑ නොබලා පියවර ගත්තේ
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් පරිදි 51 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්නගේ නායකත්වය යටතේය.

මේ වන විට යාපනය – මහනුවර ඒ -9 මාර්ගයේ මාර්ග බාධක රැසක් යොදා ඇති අතර යුද හමුදාව මෙන්ම පොලිසිය ඒවායේ රාජකාරි සඳහා යොදවා තිබේ.

මේ අතර වසර 10කට පසු නැවත යාපනයට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා යුද හමුදා වැලි කොට්ට යෙදු බංකර් තනන බව ද වාර්තා විය.

උතුරෙන් හමුදා ඉවත් කිරීම සඳහා සටන් කළ මාවෙයි සේනාධිරාජා සහ ආනන්දි ශෂිදරන් ද ආරක්ෂාව තර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර එම්.ඒ. සුමන්දිරන් ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස