තෝරන්න කිසි දෙයක් නෑ! යූඇන්පි ජනාධිපති අපේක්ෂක මමයි! – රනිල් දෙමළ සන්ධානයට කියයි..

July 4, 2019 at 11:06 am | by emanisa.lk

පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසිණි.

එම කතාබහ අතර හිටපු විපක්ෂ නායකයා ජනාධිපතිවරණය ළංව ඇති හෙයින් අගමැතිවරයාගෙන් විමසා සිටියේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන අවසන් ද කියාය.

එහිදී අගමැතිවරයා ඉතාම සැහැල්ලුවෙන් කීවේ “මොනවා තෝරන්නද? ජනාධිපති අපේක්ෂක මම. ඔයාලට මුකුත් ප්‍රශ්නයක් තියෙනවාද?” කියාය.

එහිදී “නෑ නෑ සර් අපට කිසි ප්‍රශ්නයක් නෑ. ගුඩ් ලක්! ගුඩ් ලක්!” කියා සුබ පැතූ සම්බන්ධන් සහ සුමන්දිරන් නික්ම ගොස් ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ඇමතූ අගමැතිවරයා පෞද්ගලික ආරක්ෂාව සැප දුක් ආදිය විමසා ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වුවහොත් සහාය ලබා දිය හැකි දැයි විමසා ඇති අතර ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස